මගේ හිතේ උඹ ගැන තියන දේ
මටවත් තේරෙන්නේ නැති නිසා..
හොයාගෙන ගියා මං
ආදරේ උගන්නන පන්තියකට
තියරි නම් අනේ මන්ද
ප්‍රැක්ටිකල් නම් මොකුත් බෑ..
මෝඩ මම කෝටු ළමයි ඇඳ ඇඳ
කෙලවරේ බංකුවේ තනියම..
එක්සෑම් දවසේ
තේරෙන්නේ නෑ මොකුත් මට
ඇස්වල වෙරළු ගෙඩි වගේ කඳුළු පුරෝගෙන
ලිව්වා ලොකුම ලොකු අකුරින්
"මට තේරෙන්නේ නෑ මේ මගුල"
රිසල්ට් ආවම
විභාගේ පාස් .....,
තේරුම්ගත්තා එදා මම
ආදරේ කියන්නේ
'කිසි දෙයක් තේරුම් නොගැනීම'..... !!!
No comments:
Post a Comment