Wednesday

සුපෙම් දැහැනින්
වසඟ නොවූ මගෙ
නිදහස් ජිවිතයේ
මල් සිහින මග හැරුණු
නීතියක විලංගු මැද
සිත පෙළෙන අඳුරේ
කඳුළ ඔබ නාඩන්න

අරුණු එලි මැද
සීත මිහිදුම් සළු වලාවන්
පාවෙලා දුර
නිල උත්පල අහස යට
විඳගන්න මට රිසි
ජීවිතය දෙන්න

විල් තෙරේ සුවඳ ළඟ
විඩා පත්  නිවන්නට
සොයාගත් නිදහසම
රෑ පුරා නිදිවරන
බොර පැහැති නෙත් වලම
මැකී යාවිද සොඳුරුතම
නිදහස් ජීවිතය !!!

2015-02-18

No comments: