Sunday

කුමරි බඹසර...


මහ පොළොවෙන් ගිලිහි එන

මුව රැඳෙන දුහුවිලි ද අතරින

කාමරේ කෙළවරක කළු දුඹුල් වෙව්ලවන

යහන මත නුඹ සමග අමුතු ප්‍රේමයකි මෙය.. 


අන්ධකාරයෙහි කිමිදෙන

වවුල් සිහිවටන හැමතැන

සුදු පියුම් පෙති දෙපෙති

පොපි මලක පාට ගෙන

හෙමින් පරවී ගියා

සුවඳ ගුලි කරගෙනම..

 ආශාවෙන් ගිලන්ව
මච්ඡරියක මෙන් නුඹ
රමණයේ ග්‍රහණයෙන් හතිලන
වෙහෙසට පත් දෙතොල් දෙස
බලා සිටියෙමි විශ්මයෙන් මම
කෝ මා සෙවූ පින්සර ප්‍රේමය.. 

කුමර බඹසර නැති බවට
දැනදැනත් නුඹ ළඟම
කරබාගෙන එත් ,සෙව්වේමිය මම
ජිවිතේ අළුත් සුවඳක්!
ඔබටත් මටත්...!
බලා සිටියේ මමත්..!
නුඹේ හිතට තුරුළුව
මේ තැනින් ඇරඹුමට..
සංසාර ප්‍රේමයක්  !


මුවෙකු ඩැහැගත්

රුදුරු වලසෙකු විලස

ආවේගයෙන් දැඩිව

සොයයි දැන් නුඹ කුමරි බඹසර........!!!!  

No comments: