Thursday


මිහිරි උදයක සිහින දවටා
අවදි වන විට ඇසි පියන්
සුළං ‍රැල්ලක සිහින එවනෙමි
ඔබේ ලෝකෙට වෙතට මං

කුරුළු මී මැසි ළපටි සිත් ලඟ

ජීවිතේ ඇත ඇති තරම්
එන්න දකිනට  ජීවිතේ මෙය
සුන්දරයි නොසිතෙන  තරම්

අකුරු හැඩ කොට ලියන කවියක
පද වැලක සැරි සරමි මං
ඔබේ මුවගින් ගැයෙන තාලෙක
හඬ රසට නැළවෙමි හෙමින්

සැඳෑ අහසක නිහඬ බව මැද
පාළුවක් නෑ හිතට නම්
සුළං දැල් හිත වෙලාගෙන'විත්
සිතිවිලි ද පියබයි සෙමෙන්

සරල නිසසල සිත් අහස ළඟ
සතුට නම් ඉගිළෙන තරම්
හෙමි හෙමින් දෝතින්ම ගෙන එය
බෙදා හරිනෙමි බැති සිතින්

නුරාගික නෙතු අතර නොදැවෙන
සුවඳ හදවත් සොයමි මං
සරා සඳ සේ පිවිතුරු ව ඔබ
මගේ ලෝකය දෙස බලන්


බලා ඉමි මම දවස් යන එන
ගෙවෙන හැටි ලෝකය හෙමින්
ගලා යන ජීවිතය මනරම්
නිදහස් ය අහසක් තරම්........!!!!!!

1 comment:

kalo said...

Nice !