ඇවිත් යන සේ වලකුළු
නිමක් නැති අහස වෙත
වෙන් ව යමි මම ද අද
නොපෙනෙන්න ඔබෙ අහස..
ඔබ සමග රැඳුනු ඒ
මිහිරැතිම සිහින ළඟ
පාව යමි මමත් අද
සිහිනෙකින් ඔබ කැටුව
ජීවිතය හා රැඳුනු
නොනිමි දුක් කඳුළු ළඟ
සෙනෙහසක සුවඳ ඉම
මට කියා දුන්නෙ ඔබ...
නොලැබුන ද වරම් මට
ඔබට පෙම් කරන්නට
අතීතය දෙස බලා
හිදින්නෙද තවත් මම
එපා ඔබ හමුවන්න
මේ භවේ දී දිනෙක
මතු සසර නවතිනෙමි
පුරුදු ඉසිවර දෙනෙත ළඟ..........!!!
2014-05-04
No comments:
Post a Comment