Saturday

සදත් විල සුභද්‍රාවට.....!!!

නෙත ගැ‍ටුනු වැහි කළුව හදවතම වෙලා ගෙන
වහින්නට මෙන් සිතම ඇත දුකින් වැළද ගෙන
එකින් එක ඇද හැලෙන කදුළු කැට විලස ඔබ
වැස්සක්ව ඇද හැලී නැවතුනේ හිත අසල

දිරූ පත් ක‍ටු ඉපල් ශෝකයෙන් ඉරි තලා
මගේ හද දෙරණ තුල නිරුදකව මියෙදෙනා
ඉරි තැලී සුන් ව ගිය හදවතේ වේදනා
රිදුම් දෙයි විසල් මහ වන රොදම ගුගුරුවා

රිදී දාගැබක් මෙන් ඔබව සරසා නිබද
මහා මේ පවුර මෙන් ජවය වී ඔබ අසළ
පෙර සසර මා හසර දු‍ටු ඔබම දෝ මෙදින
ධවල දළ කපා වෙර කළේ නොසිතූ විලස

සදත් විල අසළ පෙර දිනෙක මා ඔබ හමුව
නුග තුරෙහි වියන් යට ගිමන් හළ'යුරු සිහිව
පරඩලා වැගිරුවේ සිතේ දැක්මකින් නොව
ඔබේ හදවතින් එය එසේ දු‍ටුවේ කිමද

සසර තුළ ගලා යන වෛරයේ  සැඩ කිරණ
දවාලනු ඇත සකල හද කුසුම සුපින්බර
ඉතිරි වූ කදුළු කැට පියුමකට පැන් විලස
සමා වී බුදුන් හට පුදනු මැන දැන නිවන......!!!

2 comments:

SilentSahan said...

ගොඩක් ලස්සනයි හෂින්තා.. දිගටම ලියන්න..
මේ විශ්විගේ නංගි එහෙම නෙවේ නේද ...?

hashintha said...

ගොඩක් ස්තුතියි..