ආයෙත් දවසක මට ඔබව මතක් වුනා.දන්නවා කිසිම දේකින් දැන් තේරුමක් නැති බව.මගේ හිත ගලක් වගේ රළුයි කියල දවසක් ඔබ කිවුවා..ඔව්.වෙන්න ඇති ..එහෙම නොවුන නම් මට අද මගෙ ජීවිතෙ කිසිම වටිනාකමක් දැනෙනෙ එකක් නෑ දෙවෙන්ඩොරසං..සතුටුයි කියන්න..මං වැටුනෙ නෑ..ඔබත් මමත් වැටෙන්න තිබුනෙ දරා ගන්න බැරි අගාධයකට..ඒත් අපි බේරුනා....
--------------------------------------------------------------------------------------------------------------------------------------------------
මට ඔබව මතක් වෙන්නෙම නැති තරම්,ඒත් මතක් වුනු හැම වෙලේම මං ලියනවා.මං ලියන්වා,ඔබ බලාගෙන ඉන්න්වා..අහසටම වෙලා.ඔබෙ අහසෙ පුරාවටම මං ඉන්නව කියල ද්වසක් කිවුවට මං එන්නෙ නෑ ඔබේ අහසට ආයෙත්.ඔබ මගේ ජිවිතේ හැම තැනම නෑ.ඔබ දන්නව ඒක.ඒ උනාට ජීවිතේ හැම සිනාවක් ලග ඔබ නොහිටියට මම වැටුනෙ කොතැනද ආයෙත් නැගිටින්න වාරු ගන්න ඔබේ දෑත මගේ ලගම තිබුනා දෙවෙන්ඩොරා සං....
මං නොදන්න ගොඩක් දේවල් මං කියෙව්වෙ ඔබේ ඔය ගැබුරු දෑසින්.ජීවිතය.ප්‍රේමය,ආත්මය ගැන ඔබේ දෑසෙ ලියවෙලා තිබුනු දේවල් මං හරී අමාරුවෙන් වගේ කියවන්න උත්සාහ කරන කොට ඔබ බලන් ඉන්නෙ ඒ ඉසිවර දෑසින්මයි...ඔබේ දාර්ශනික මත වාද මං දැන ගෙන හිටියේ බොහෝම අඩුවෙන්...ඔබේ ලෝකය පුරාවටම අත්මීය ලෙසට බැදිල තිබුන ප්‍රේමය ගැන මං තාම සොයන්වා දෙවෙන්දොරා සං....
කොහේද අපට වැරදුනේ......අවුරුදු 6 ක් පුරාවටම මං හෙව්ව ඒක.ඒත් හොයා ගත්තෙ නෑ මං තාම.ඔබ හෙව්වද..??? හොයා ගත්තද..????කොහේද වැරදුනේ...!!!!
දැන් ඔබ නෑ..හැම දැම මිය ගිහින් ඇති.....ඔබේ දාර්ශනික මත වාද,ලෝකය,සෞන්දර්යය,ප්‍රේමය ගැන ඔබේ විස්මිත අදහස් නෑ .ඇයි ඔබ නිශ්ශබ්ද???ඔබේ මුනිවර දෑස කොහෙද..!!!
ජීවිතේ තියෙන්න එකම එක පිටුවයි .එලි වෙනවා,රෑ වෙනවා,කනවා,බොනවා,නිදා ගන්න්වා,සදාකාලික දෙයක් හොයා ගන්න වගේ වැඩ කරන්වා.වයසට ගියාම ලෙඩ වෙනවා.මැරෙනවා..අයෙත් උපදින්වා.."සංසාර චක්‍රය"..ඒත් මේ හැම දේම මං කරන්නෙ තනියම..ඔබ නෑ......ඔබ අහසෙ.....!!!!!!!ඉතින් අන්තිමට මෙහෙම කියන්නම්....!!!
හැන්දෑව අහවි මා ගැන
ඔබ කියන්න මා ගිය බව
සදහට ම ඔබේ අයිතිය
සඳ තරු පිරි නිල් අහසට......!!!!!!
No comments:
Post a Comment