Friday

වස්සානය දකින තුරා...!!!



ඉරි තැලුණු රළු ක‍ටු ඉඩැල්ලක
විඩාවෙන් නෙත් රිදුම් දෙන සඳ
බිමට නොහෙලා ඔසවමින් හිස
හිදිනු මැන සිහි කරන් හෙට  දින

පුරන් වී වියලිව හඩන කෙත්
ගිලන් වී ඉකි ගසන තුගු රුක්
පසු කරන් පිය මනිනු මැන ඔබ
වසන්තයෙ සිහිනෙක වෙලී ගෙන

නිරුදක ව මීයෙදෙනා කතරක
දිලී හිනැහෙන මිරිගු දිය නොව
ඔබේ පතුලෙන් ගලන දහදිය
දෙස බලා තු‍ටු වී සරනු මැන

නළල් ඩා බිදු වැගිරෙනා සඳ
සිනා සෙන සැඩ රශ්මියේ වග
සෙවීමෙන් මග පමා වනු මිස
නොමැත දිරියක් එයින් ඔබ හට

පවස විත් මුව වෙලා ගත් සඳ
සිහි කරන් වස්සාන වැහි පොද
සිතට ඉඩ දී එකදු මොහොතක
එපා මිරිගුව වෙත දුවන්නට

නොනැවතී පිය නගන් සකි ඔබ
දකිනු රිසියෙන් සොදුරු හෙට දින
මිහිරි වැස්සක් වී වසින්නම්
රුහිරු වැගිරෙන නුබේ දෙපයට.....!!!!!

2011-08-12

No comments: