Tuesday
සකුරා සොහොන් බිම...
වස්සානයේ පිපෙන සකුරාව විලස ඔබ
හදවතේ හිස් තැනක ලැගුම් ගත්තාට අද
ගිම් පවන වැදි පුංචි යැඑ සකුරා සේම
දුරස් වෙන්නට වේවි ජීවිතේ එක් තැනක
හැරී බැලුවත් පැමිණි ජීවිතේ මග හසර
දිස් වුනේ වරින් වර හෙළු කදුළු පමනක්ය
අද ගලා යන දියම දිනෙක හිම වනු සේම
මම ද දිනයක සසල වනු ඇතිය ඔබ අසල
කාත් කවුරුත් නැතිව මිදෝරිය අසල අද
හෙට නික්ම යන ඔබම ගැනම සිහිකරමි මම
යන්න ඔබ යන්න හෙට,ඔබේ සිහිනය වෙතට
මතකයේ සිහින බැඳ ඔබෙ සුවඳ ගෙන යන්න
බැඳුනු අතැගිලි ලිහී දුරස් වී යන දාට
සිහි කරන්නම් තනිව නකජිමා සොහොන ගැන
දිනෙක එය වෙත පිවිස මෙතෙක් විඳි හැඬුම් බිඳ
මතක උල්පත සමග මිහිදන්ව හිදිමි මම
චිතකයෙන් දැවී යන ඔබේ සිතුවම් අතර
නිමි නොකල සිතුවමද දැවී හළු වී ගියෙද
පැමිණීම් හා නික්ම යාම් පමණක්ය ලොව
ජීවිතය කියා ඔබ වැළඳ ගත්තේ එයය.....!
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment