Sunday

ගංගාව

ගංගාව....මං දැන් මැරෙන්න හදන්නෙ ඔබේ ශරීරය තුල ගිලිලා..මට මැරෙන්න දෙන්න...මේ රුදුරු ලෝකය මාව බිලි ගන්න මා පසු පස එනවා.මට ඔබේ සීතල තුරුලෙ මියැදෙන එක සැපක්..ගංගා මාතාව..මට මියැදෙන්න දෙන්න...දුගී දැරිය කිවුවා...

"ගංගා මාතාව, ඔබ  මිය යන්නෙ කවදාද..?"


"ඔහොම නවතින්න දුව.."ගංගාව කිවුවා.

ලෝකය මේ තරම් නපුරු බව ඔබට දැනෙන්නෙ තවමත් කුඩාවට.ඔබ තව කාලය සමග ජීවත් වීම ආරම්භ කලාම ඔබ ට දැනේවි,මේ හැම දේකම සොදුරු බව මෙන්ම ඒ කඩතුරාවෙන් වැහිල තියන ඇත්ත ත්.ඒකට ඔබ ජීවත් විය යුතුයි.තවත් වැඩිමහලු වී තරුණියක් වූ දාට ඔබට දැනෙයි ,අද ඔබගේ ළමා කාලය කෙතරම් සුන්දරද කියා.මේ මහ පොලොවට දරා ගන්න බැරි තරම් ලෝකයේ නපුරු කම් දරුණු යි.ඔබ තවමත් ළපටි වැඩියි,ඒව ගැන දැනගන්න.

අවුරුදු සිය ගණනක් පුරාවටම මම ගලාගෙන යන්ව මේ මහපොලොව මතම.ඔබ වගේ දරුවන් දහස් ගනනක් මගේ ළග හිටියා.ඒ වගේම මගෙ ළගට වෙලා ලස්සන ලස්සන කවි ලිවුවා.ඒ දරුවන් වැඩි වියට පා තියල ,මහලු වෙලා මිය යන තුරුම මා ඔවුන් දෙස බලා හිටියා.කුඩා කාලයේ ඔවුන් මට ආදරය කලා.ඒත් කාලය ගලාගෙන යද්දී ,ඔවුන් තරුණ වෙලා යොවුන් ප්‍රේමය වින්දෙත් මගේ ලග.මගේ නිහඩ ගලා යැම ඔවුන්ගේ ආදරයට ලස්සනක් එක් කලා .ම්ං ඔවුන්ට හදවතින්ම ආශිර්වාද කළා...ඔවුන් විවාහ වෙලා දරුවන් ලබා මහලු වී මිය ගියා.එදාට මං හදවතින්ම දුක් වුණා....

පොඩි දුව,මේ අහන්න..
එදා මෙදා තුර සෑම මනුෂ්‍යයෙක්ම මේ කෙලවරක් නොපෙනෙන මහා ලෝකයට ප්‍රවේශ වී යනවා පමණයි.ලෝකය දැකලා,ඒ දකින කුඩා සීමවට අසීමිත ලෙස බැඳිලා,වරෙක වෛර කරලා අවසානයේ මිය යනවා.මිය ගියායින් පසුව ජීවයක් නෑ.හැම දේ වගේම ඔවුනුත් සසලයි.මිනිසුන්ගෙ මතක කලක් පුරාවට ඔවුන්ගෙ ආදරනීයන්ගෙ හිත් තැන්පත් වෙලා,පස්සෙ නොදැනීම ඉවත් වෙලා යනවා.රජෙක් වුවත්,දුගියෙක් වුවත් සතෙක් වුවත් මේ මිහිමඬලට එක් වෙලා සදාකලික නිහැඬියාවකට අවතීර්ණ වෙනවා සත්තයි...ඉතින් ඔබ ඇයි මේ දේට හදිසි වෙන්නෙ...

අපි ඔබ වගේ නොවෙයි.ගිම්හානයැ දී අපි දුක්කිතව වියැලෙන බව ඇත්ත.ඒත් වැස්ස එනව ....!!සදාකාලික නෑ අපිත්.ඒත් ඔබට වඩා අපි මේ ලෝකය දකිනවා.අපි මේ සොබාදහමට ගරු කරනවා.අප මිය ගියාට පසුව ඊලග පරපුරට සාරවත් පසක් දෙන්න,පරිසරයට සිසිලක්,ජීවයක් දෙන්න,හුස්ම ගන්න පිරිසිදු සුලං පොදක් දෙන්න අපි පතනවා.දුව,,සොබාදහම ඔබ දිහා බලාගෙන ඉන්නවා.ජීවිතයේ අයිතිය ඔබට.ආදරය කරන්න මේ ලෝකයට..""

ගංගාව කිවුවා.
 2013
Azusagawa River, Kamikochi, Nagano-ken, Japan, photo

No comments: