ජිවිතේ එක් මගක හදිසියේ මිය ගියෙන්
ආත්මය පාව යයි මතක සෙවනැළි අතර
යළි පෙනෙනු නැත නුඔට මගේ හද කිසි දිනෙක
එය සෙමෙන් මිය ගොසිනි නුඔට මට නොකියාම
තෙරක් නොපෙනෙන මහා විශ්වයේ සැරිසරන
මහා සක්වල නුඔයි තෙද බවින් නිති දිලෙන
කෙළවරක් නොමැති ඒ විසල් විශ්වයෙ තනිව
අතරමං වී ඔහේ පාව යන තරුව මම
ගලා යන්නටම නිසි මගක් හසරක් නොමැති
තැනි බිමක ගලා යන ගං දියක් සේ ය මම
නුබේ ආදරේ උල්පත් වතුර ගෙන ගතට
වාලුකා තැනි බිමක ඔහේ වැතිරී සිටිමි
සංසාර සුළග ඔබ සුවද දැවටී හමන
දොවා ලොව හෙමි හෙමින් ගලා යයි හද බිමට
මිය ගිහින් ඇතත් මා හද සොහොන වෙත වඩින
ඒ හුස්ම බිද පවා පණ පොදක් පොවයි මට
මියෙන්නට පෙරම මිය ගියෙන් මා මේ ලෙසට
මගෙම මටමැයි දෙයක් දකින්නට පෙර සිටම
නිහඩ වුනු ජීවිතේ බිදුනු බිම් එකලු කර
හිතට යළි උපත දෙනු බැහැ යළිත් කිසි දිනෙක
මෙතෙක් කල් එක් තැන් ව මියෙදෙමින් උන්නු හිත
දෙන් සෙමෙන් වෙන් ව යයි දෙනෙයි සිරුරෙන් වෙන් ව
දිවි මරන ගං අතර දෙගම්මැදි මගේ හිත
දැන් මෙසේ අත හරිමි විසල් විශ්වය වෙතට......................!!!!!!!!!!!!!
2011-06-23

No comments:
Post a Comment