Thursday

දෙවෙන්දොරා සන්...

මම මේ කල්පනා කලේ , මට ඔබව නිකමටවත් මතක් නොවෙන හැටි..!!!මගේ මිය ගිය ප්‍රේමය...ඇයි මට මතක් නොවෙන්නෙ ඔබව.දැන් මිය ගිහින් හැම දේම.දන්නව..කිසිම වරදක් නෑ,ගොඩක් හොදින්.ඒත් දවසින් දවස හිතට ගොඩ වදින නොයෙක් විදියේ අය.නොයෙක් විදියේ බලපොරොත්තු සහ නොයෙක් විදියේ අභියෝග අතර හිර වෙලා මම..ඔබට පේනවද දෙවෙන්දොරා සන්..!!!මගෙ විඩාබර දෑස් දිහා ඔබ බලන් ඉන්නවා.මට සරදම් ද නොකර මාව අගය කරන්නෙත් නැතිව ඔබ බලගෙන ඉන්නවා  පුරුදු අහසටම වෙලා,කෙලවරක් පේන්නෙ නැති මේ සන්සාරෙ අතොරක් නැති හීන පුරෝගෙන මම වැඩ කරනවා.පුරුද්දට වගේ අහස දිහ බැලුවාම මට ඔබව ඇසිල්ලකින් පෙනිලා අයෙත් නොපෙනිලා යනවා.මොහොතින් මතක් වෙලා අමතක ව යනවා............!!!
කිසිම ඵලයකුත් නැති,සීමාවකුත්  නැති හීන අතර මම අතරමන් වෙලා දෙවෙන්දොරා සන්...සහසක් බලපොරොත්තු හිත් කොනක දවටගෙන  විඩාබර දෑස්  වල හිර කරගෙන  ඉන්නෙ කවද හරි පිවිතුරු ලෝකෙක ,ලස්සන හිමිදිරියක හෙමිහිට ඇස් ඇරල මුලු ලෝකෙම ආදරයෙන් පිලිගන්න..මගේ ආදරේ ගැන කියන්න..කාලයත් එක්ක මන් මේ තරම් කාලයක් පරිස්සම් කරගෙන හිටිය හීන මිටිය ලෝකෙට පුදන්න ,ලස්සන ලෝකයක් කියල හිතාගෙන මගේ ඇස් හෙමිහිට විවර කලා.කවුද දැනගෙන හිටියෙ..මටත් නොකියාම ඒ දවසත් ගෙවිලා ගිහින්....ආයෙත් රෑ වෙලා......!!!ඒත් මහන්සි වෙලා වැඩ කරන දවස් වල අහසෙ හිටිය ඔබ නෑ...ඔබ ගිහින්...කෝ ඔබ...??.....................................................
මට තේරුනා..ඔබ ඒ දවස් වල අහසෙ හිටියෙ මගේ ඇස් වල මහන්සිය නිවන්න...දැන් ඔබ නැහැ.මමයි උදා වුනු නිහඩ  රාත්‍රියය මතකයකුයි විතරයි  ලග...මගේ ඇස් යලිත් විඩාබරයි...!!!!! දෙවෙන්දොරා සන්.....ඔබ එන්න හෙටත් රෑ අහසට................!!!!!!!!!!!!!!!!!!!!!!

"ක‍ටු කම්බි පවුරු පදනම් නොපෙනේ සද හට....
එක යායක් වෙයි මුලු ලෝකය හද එලියට.....
පුර හද එක්ක එන්න නිල් අහසට.......................................................!!!!!!.

No comments: