Monday
සංසාර බන්ධන
සංසාර බන්ධන
මොහොතකින් නිමා වෙයි
කාලයක් හදවතම
ගින්නෙන් දවාලන ලද
මගේ ආත්මයේ අවසානය
එහෙත් ,ඔබ සමග .....!
සියලු ආලිංගන නිමා වී
දහදියෙන් තෙත් වූ
නුඹේ දැස් දෙස බල සිටින විට
හඳුනා ගත්තෙමිය...
මට අයිති මගේ නොවෙන
නුඹේ දෑස් දෙස බලා අනිමිස කලෙමි මම
කොතැන හෝ යම් වැරද්දක්....!
.
මිට දිගු කාලෙකට පෙර
සංසාරයේ මුල් ඇරඹුමේ දීම
හමු වූ වෙනත් හුරු පුරුදු දැසක්
සිහි විය මට ඒ මොහොතෙම....
මිය ගොසින් , කාලයක් ගතව ගිය ද
අන්තරා භවයෙදී පවා මම පෙම් කළ
හදවතක මතකයක්
සිහිවිය මට ඒ මොහොතෙම...
සියලු දේ හමාරව
හෙමිහෙමින් හිරු නගින විට
මිට පෙර මා ඉදිරියේ මියැද ගිය
අසිරිමත් නුඹේ දෑස් සිහිව
දෑස විවරව කඳුළු කැට
සීරුවෙන් වැටෙන්නට විය ...
අවසානයට ලංවෙමින් තිබු සංසාරයද
යළිත් දිගු විය......!
Subscribe to:
Post Comments (Atom)
3 comments:
හරිම ලස්සනට ලියලා තියනවා නංගි. සුබ පැතුම් .
දිගටම මේ BLOG එක කරන්න.
අපි කියවනවා.
Thank you so much akki 💜
Post a Comment