ඔබ ආයෙමත් එයි කියල
හැමදාම නැතත් පුරුද්දකට වගේ
බලාගෙන හිටිය මම..
හදිසියේම දවසක ආව ඔබ
කලින් නොතිබුණ
මනින්නට අමාරු
අපැහැදිලි දුරකුත් එක්ක..
කලින් දවසේ අසයිමන්ට් එකට නිදි මරල
එක්සෑම් අතරේ එක්සිබිෂන් පොත් බලන්නත් ගිහින්
ඔලුවේ කැක්කුමයි නින්ද ගියා මට
හොස්ටල් එකේ ඇඳ උඩම....
ඔබ හිතුවේ මං ඔබට ආදරේ නෑ කියල
‘මල් කැඩුවලු’ මම
දුකක් දැනුනත් ඇස් දෙකම හෙමිහිට පියාගෙන
‘ආදරෙයි’ කීවාම
‘දන්නවා මම,මගුල් කතා කරන්න එපා”!
අන්තිමට ඔබ කීව්වා..
මගුලක් වගේ ඉන්න ඕනි ජිවිතේ
හැමදාම දුක් විඳගෙන
යාලු නොවුන කැම්පස් කෙල්ලන්ට කියන ,
දාහක් දේ ඉවසගෙන,
හවසට හොස්ටල් ජනේලේ රෙදි වැල් අතරින්
ඉරත බහිනවා පෙනෙද්දී
ගොඩක් දවස්වලට ඇඩුණ මට ...
-ආයේ මගුල් දේවල් කිවේ නෑ මං ඔබට-
එදා ගත්ත පොත් ටික
වැකේෂන් එකේ කියෙව්ව මම
ජිවිතේ කැඩිලා බිඳිලා
දිරාපත් වෙලා ගිය දේවල් ගැන
මිනිස්සු ලියල තියන තරමටම ,
මගුලක් කියල ජිවිතේ වැළඳගෙන ,
මගුල්මත් නොවෙයි , අවමගුල් ද නොවෙයි...
සොහොනක්ම කරගෙන ලියල තියන තරමටම ,
තේරුනා මට ,
මට ඔබත් ඔබට මමත්
තිතක්ම විතරයි
ඒ හැම කතාවක් ළඟම ..!!!!!!
No comments:
Post a Comment